Loading...

කැලණි සරසවියේ සුහද හමුවට ජනපති අනුර සහ ඇමති විජිත ඇවිත් නෑ

කැලණිය විශ්ව විද්‍යාලයෙන් 91 / 92 අධ්‍යයන වර්ෂවල සිසුන්ගේ වාර්ෂික සුහද හමුවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ ඇමැති විජිත හේරත් මහතා සහභාගී වී නොමැති බව වාර්තා වනවා.

මේ වසරේ එම සුහද හමුව කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ දී පැවැත්වුණා.

කෙසේ වෙතත් ගියවර ජනාධිපතිවරයා මේ සුහද හමුවට සහභාගී වී තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක මහතා පමණක් ඊට එක්ව ඇති බව වාර්තා වනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 91 / 92 වසරේ කැළණි සරසවියේ අධ්‍යාපනය හැදෑරු අයෙකි.

ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු ජනාධිපති ලේකම් ඇතුළු ආණ්ඩුවේ සහ රජයේ ප්‍රධාන තනතුරු රැසක කැලණිය විශ්ව විද්‍යාලයේ සිටි ජනාධිපතිවරයාගේ සමකාලීනයන්ට ලබාදීම පසුගිය සමයේ සමාජයේ දැඩි කතාබහට ලක් වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *