Loading...

ආශා හදිසියේම රෝහල් ගත කරයි

ලෝක ප්‍රකට ඉන්දීය පසුබිම් ගායිකා ආශා බෝස්ලේ මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඇයට ඇති වූ හදිසි හෘදයාබාධයක් සහ පෙනහළු ආශ්‍රිත සංකූලතා හේතුවෙන් මෙලෙස රෝහල් ගතකර ඇති බවයි.

92 වන වියේ පසු වන ඇය ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ දශක 7කට වැඩි කාලයක් සිය හඬ දායකත්වය ලබාදී තිබෙනවා.

ඇය එරට සංගීතයට කළ ඉහළම සේවය අගය කරමින් ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වන පද්ම විභූෂණ සහ දඩාසාහිබ් ෆාල්කේ සම්මානවලින් ඇය පිදුම් ලැබීමට සමත් වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *