Artemis II මෙහෙයුම යටතේ ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුමක නිරත වූ ඔරායන් යානය ඔවුන්ගේ සඳ ගවේෂණය සාර්ථකව නිමා කර ආරක්ෂිතව නැවත පෘථිවියට පැමිණියා.
නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඔරායන් යානය ශ්‍රී ලංකා වේලාවෙන් අද (11) අලුයම කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩ බස්සවනු ලැබූ බවයි.
දින 10ක චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින් ඔරාන් අභ්‍යවකාශ යන පසුගිය අප්‍රේල් 6 වනදා සඳ බලා ගමන් කරනු ලැබුවා.
ඔවුන් මෙම මෙහෙයුම යටතේ කිලෝමීටර් 406771ක චන්ද්‍ර පියාසැරිය සම්පුර්ණ කිරීමට හැකිව තිබෙනවා.
මෙම දුර පෘථිවියෙන් ඔබ්බට මිනිසුන් මෙතෙක් ගමන් කර ඇති උපරිම දුර වනවා.








Leave a Reply