අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්පට අයත් ෆ්ලොරිඩා හි Mar-a-Lago නිවාඩු නිකේතනයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙක් අමෙරිකානු රහස් ඔත්තු සේවා නිලධාරීන්ගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස වෙඩි පහරින් මියගොස් ඇත්තේ 20 හැවිරිදි තරුණයෙකි.
මියගිය පුද්ගලයා සතුව ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සහ ඉන්ධන කෑනයක් තිබූ බවද එරට ආරක්ෂක අංශ තහවුරු කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සැකකාර පුද්ගලයා Mar-a-Lago හි ආරක්‍ෂිත කලාපයට උතුරු ද්වාරය හරහා ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී රහස් ඔත්තු සේවා නිලධාරීන් සහ ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් එක්ව ඔහුට වෙඩි තබා ඇති බවයි.
කෙසේ වෙතත් සිද්ධිය සිදුවන අවස්ථාවේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් වොෂින්ටන් DC හි ධවල මන්දිරයේ රැඳී සිටි බැවින් ඔවුන්ට කිසිඳු අනතුරක් සිදුව නැහැ.








Leave a Reply