Loading...

සුපිරි 8 වටයේ පළමු තරඟයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු රිද්මයට

ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරඟයෙන් එංගලන්තය හමුවේ ලකුණු 51ක පරාජයක් ලැබුවා.

මහනුවර පල්ලෙකැලේ දී පැවැති තරඟයේ පළමු කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිස එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 146ක් ලබා ගනු ලැබුවා.

Phil Salt එංගලන්තය වෙනුවෙන් ලකුණු 62ක් ලබාගත් අතර ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ කඩුලු 3ක් බිඳ හෙලු අතර ඩිල්ෂාන් මදුශංක සහ මහීෂ් තීක්ෂණ කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.

ලකුණු 147ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 95ක් පමණි.

ඉනිමේ ආරම්භයේ සිට එංගලන්ත පන්දු යවන්නන්ගේ උපක්‍රමයන් හි ගොදුරක් බවට ශ්‍රී ලංකා පිතිකරුවන් පත්වුණා.

එක් අන්තයක සිටි කිසිඳු පිතිකරුවෙකු වගකීමක් සහිතව ක්‍රීඩා නොකිරීම ද මෙවැනි පරාජයක් ලබා ගැනීමට හේතු වුණා.

තරඟය ආරම්භයට පෙර තණතීරු වාර්තාවේ ද සඳහන් වුණේ පන්දුවේ ලොකු දෝලනයක් සිදු නොවුණත් පන්දුව පිත්තට පැමිණීමේ දී වේගය අඩු විය හැකි බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක ලකුණු 30ක් ලබා ගත්තා.

එංගලන්තය වෙනුවෙන් විල් ජැක් විශිෂ්ඨ පන්දු යැවීමක් සිදු කරමින් කඩුලු 3ක් දවා ගනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *