කොළඹ මහනුවර මාර්ගයේ වේවැල්දෙනිය ප්රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙනි.
අනතුරින් යතුරුපැදිකරු හා පසු පැදිකාරිය තුවාල ලබා ඇති අතර යතුරුපැදිකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
පසුපැදිකාරිය වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වනවා.
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 21ක් වූ දඹුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දංඕවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.








Leave a Reply