Loading...

ලිට්‍රෝ ගෑස් ගැන ආපු අලුත්ම ආරංචිය මෙන්න

ලබන මාර්තු මස 12 වනදා සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ මෙන්ම අදත් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගෑස් හිඟයක් දක්නට ලැබුණා.

ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින බවට දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පාරිභෝගිකයන්ගෙන් චෝදනා එල්ල වුණා.

ඇතැම් ස්ථානවල ගෑස් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත් අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග පවත්වා ගැනීම සඳහා නව ඇනවුම් සිදු කර ඇති බව වාර්තා වනවා.

මේ අනුව පෙබරවාරි මස අවසන් වීමට පෙර ගෑස් නෞකා තුනක් පැමිණීමට නියමිතව ඇති බවද ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මේ අතර අද (21) උදෑසන වන විට ප්‍රදේශ කිහිපයකට නව ගෑස් තොග ලැබී තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *