බහාලුම් නිෂ්කාශන කටයුතුවල මතු වී ඇති ප්රමාදයක් හේතුවෙන් නැවතත් බහාලුම් තදබදයක් හටගෙන තිබෙනවා.
බහාලුම් ප්රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කරන්නේ බහාලුම් නිෂ්කාශන කටයුතු සඳහා කාර්යක්ෂම ක්රමවේදයක් නොමැතිකම ඇතුළු කරුණු මීට බලපා ඇති බවයි.
කොළඹ වරාය පරිශ්රයේ ආනයනික බහාලුම් පිට කිරීමේ සහ ඒවා වරායෙන් පිටත අංගනවලදී පරීක්ෂා කිරීමේ දී මෙම ප්රමාදය මතුව තිබෙනවා.
ඊට අමතරව ඔරුගෝඩවත්ත බහාලුම් පරිශ්රයේ ද තදබදයක් මතුව තිබූ බවත් ඒ හේතුවෙන් බහාලුම් රථ රියදුරන් ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් වාර්තා වනවා.
මේ අතර ඉදිරි මාසයේ දී බහාලුම් විශාල ප්රමාණයක් ආනයනය කිරීමට නියමිත බැවින් මෙම තදබදය තවත් උග්ර වනු ඇති බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ හේතුවෙන් ආරක්ෂක අංශ යොදවා හෝ මෙම තදබදය අවම කිරීමට පියවර ගන්නා ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.








Leave a Reply