Loading...

ජනපති අනුර ඉන්දීය අගමැතිව හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර ද්වී පාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ නවදිල්ලි නුවර පැවැත්වෙන ‘AI Impact 2026’ සමුළුවට සමගාමීව නායකයින් අතර මෙම් සාකච්ඡා පවත්වා ඇති බවයි.

මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නෙදර්ලන්ත අගමැති ඩික් ෂූෆ්, ස්ලෝවැකියානු ජනාධිපති පීටර් පෙලෙග්‍රිනි, අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ද්වී පාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.

තවද ස්විසර්ලන්ත ජනාධිපති ගයි පර්මලින්, ග්‍රීසියේ අගමැති කිරියාකොස් මිට්සෝටකිස් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ ද එම සාකච්ඡා පැවැත්වූ බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *