හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්රී වික්රමසිංහ මහත්මියට අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත් ඇයට අද (20) දිනයේ ඒ සඳහා පෙනී සිටීමට නොහැකි බව එම කොට්ඨාශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා.
නොපැමිණිමට නිශ්චිත හේතුවක් වාර්තා වී නැහැ.
සෞඛ්ය හේතුන් මත ඇය නොපැමිණෙන බවයි වාර්තා වන්නේ.
ඇයට ලබාදුන් අදාළ කැඳවීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 18 වනදා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නා.
මේ අනුව ඇය අද (20) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණීමට නියමිතව තිබුණා.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෛත්රී වික්රමසිංහ මහත්මියට මෙම කැඳවීම සිදුකර තිබෙනවා.








Leave a Reply