Loading...

IMF ප්‍රධානී ක්‍රිස්ටිනා ලබන සතියේ ලංකාවට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) කළමනාකරණ අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සඳුදා (16) ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතව තිබෙනවා.

තෙදින සංචාරයක් සඳහා පැමිණෙන ඇය ලබන බදාදා දක්වා මෙරට තුළ රැඳී සිටීමට නියමිතයි.

ඇයගේ මෙම සංචාරය අතරතුර රජයේ බලධාරීන් සහ ප්‍රධාන පාර්ශවකරුවන් හමුවීමට නියමිත අතර දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑම පිළිබඳව සෘජුවම නිරීක්ෂණය කිරීමට ද නියමිතව තිබෙනවා.

තවද ශ්‍රී ලංකාවේ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහාය විය හැකි ක්‍රම සහ සියලුම ලාංකිකයන් වෙනුවෙන් වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට දායක විය හැකි අයුරු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *