Loading...

දේශබන්දු පොලිස්පති කිරීම දෝෂ සහිත බව අධිකරණයේ දී අනාවරණය වෙයි

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීම නිර්දේශ කිරීමට ව්‍යවස්ථාදායක සභාව ගෙන ඇති තීරණය දෝෂ සහිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් ප්‍රකාශයක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙනු ලැබුවා.

ජනාධිපති ලේකම්වරයා හරහා නීතිපති වෙනුවෙන් පෙනී සිට අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නෙරීන් පුලුලේ මහතා මාර්ගයෙන් ජනාධිපතිවරයා මෙම දැනුම් දීම සිදුකර තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කර ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මෙම දැනුම් දීම සිදුකරනු ලැබුවා.

අදාළ පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුවා.

එම කරුණු සැලවීමෙන් පසුව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥ පිරිස සැල කිරීම මත අදාළ පෙත්සම් විභාගයේ අවසන් කිරීමට තමන් කැමැත්ත පළකරන බව පවසමින් පෙත්සම් විභාගය අවසන් කෙරුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *