Loading...

බොරැල්ලේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙක්ට තුවාල

බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා යොදවා තිබූ බැකෝ යන්ත්‍රයක් තාප්පයේ ගැටීමෙන් මෙලෙස තාප්පය කඩා වැටී ඇති බව වාර්තා වනවා.

එම අවස්ථාවේ දී ඒ අසළ සිටි සිසුන් තිදෙනෙක් ඊට යටවී ඇති බවද සඳහන්.

තාප්පයට යටවූ සිසුන් තිදෙනා මුදාගෙන ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඉන් එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතළ වන බවයි.

ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

එම පාසලේ ක්‍රීඩා පිටියේ සිටි 16 හැවිරිදි සිසුන් තිදෙනෙක් සිද්ධියෙන් තුවාල ලබා තිබෙනවා.

සිද්ධියට සැකපිට 48 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *