ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මුලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වර්ථමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙන්ම නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ මෙරට කාන්තාවන්ට සහ පිරිමින්ට ජීව විද්‍යාත්මක පාදමින් බැහැරව තම අභිලාෂය පරිදි සැත්කම් මඟින් ලිංගික අනන්‍යතාවය වෙනස් කර ගැනීම සඳහා පහසුකම් සලසමින් පසුගිය රජයෙන් සහ වර්ථමාන රජය ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සහ චක්‍රලේඛ නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අනතුරුවයි.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත රණවිරුවකු වන ශාන්ත ජයතිලක මහතා විසිනි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම ඊයේ (11) සලකා බැලුවා.
මේ අනුව මෙම පෙත්සම ජූලි මස 20 වනදා නැවත සලකා බැලීමට නියමිතයි.
පෙත්සමේ වගඋත්තරකරුවන්ට සතියක් තුළ නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා.






Leave a Reply