වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මඟින් මාස 4ක් තුළ අමෙරිකානු ඩොලර් ලක්ෂ 6කට ආසන්න විදේශ විනිමයක් උපයාගෙන ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ මෙහෙයුම් ආරම්භ කළ පසුගිය වසරේ ඔක්තෝබර් 3 සිට මාස 4ක් තුළ අමෙරිකානු ඩොලර් 598250ක විදේශීය විනිමයක් උපයාගත් බවයි.
නාවික හමුදාව විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින් වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.
මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, “මීට පෙර මෙම සේවාව සැපයීමේ බලය පෞද්ගලික ආයතනයක් වෙත පවරා තිබූ නිසා මේ ආදායම සම්පූර්ණයෙන්ම ලබාගත්තේ ඔවුන් විසිනුයි. ඔවුන් ඒ ලැබුණ ඩොලර් ආදායම සම්පූර්ණයෙන්ම අරගෙන එයින් සියයට විස්සක් වැනි පොඩි කොටසකට අදාල වටිනාකම පමණක් රුපියල් වලින් නාවික හමුදාවට ගෙව්වා.
නමුත් 2025 ඔක්තොම්බර් මස 03 දින ඉඳලා මේ 2026 පෙබරවාරි 10 දින දක්වා මාස හතරක කාලයක් තුළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් 323ක් සිදුකරලා එමගින් උපයන ලද ඇමරිකානු ඩොලර් පන් ලක්ෂ අනූ අට දහස් දෙසීය පනහක් ඍජුවම විදේශ විනිමය ආදායම ලෙස ජාතික සුබ සිද්ධිය සඳහා ලබා දීමට හැකියාව ලැබිලා තියනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව සමග සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කරනු ලබන විදේශීය ආරක්ෂක සමාගම්වල දේශීය නියෝජිතයින් ගිවිසුම්ගත වීම තව දුරටත් ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මනා සැලසුමකින් යුතුව සිදුවෙනවා. එහි වර්ධනයක් තියනවා. පුළුල් වීමේ අවකාශයක් තියනවා. මේ වනවිට සමාගම් 32ක් අප සමග ගිවිසුම්ගත වෙලා තිබෙනවා.”






Leave a Reply