නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හය දෙනෙක් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතා ඊයේ (11) නියෝග කළා.
ඒ රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රිරෝද රථ රියදුරෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධව වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුවන් එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කිරීමට ද නියෝග කළා.
අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ වැලිකඩ පොලිසිය මගින් සැකකරුවන් හය දෙනා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි.
පියුමි හංසමාලිගේ පුත්‍රයාගේ හිතවතෙකු මීට මාස 3කට පමණ පෙර යතුරුපැදියක නැගී රාජගිරිය ප්‍රදේශයේ යමින් සිටියදී ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවත් සිද්ධියෙන් පසු එම ස්ථානයට පැමිණි පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පිරිස ත්‍රිරෝද රථ රියදුරුට පහරදී ඇති මුලික විමර්ශනවලදී කරුණු අනාවරණය වන බවත්ය පොලීසිය අධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබුවා.
පහර කෑමට ලක්වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇති බවද පොලීසිය අධිකරණය හමුවේ පෙන්වා දෙනවා.
පහර කෑමට ලක් වූ ත්‍රී රෝද රථ රියදුරා වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.






Leave a Reply