Loading...

වනිඳුගේ තැන දුෂාන්ට දෙන්න ICC අනුමැතිය

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කන්දුඅමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත කණ්ඩායමට ඇතුළත් කිරීම සඳහා ICCයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී තිබෙනවා.

දුෂාන් හේමන්ත දැනට එක්දින ජාත්‍යන්තර තරඟ 5ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 3ක් ක්‍රීඩා කර ඇත.

පසුගිය 8 වනදා අයර්ලන්තයට එරෙහිව පැවැති තරඟයේ පාදයේ ආබාධයකට ලක් වීම හේතුවෙන් වනිඳු හසරංගට විස්සයි විස්ස තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

ඊයේ (10) දිනයේ MRI පරීක්ෂණයකට මුහුණ දුන් වනිඳුගේ ආබාධ තත්ත්වයට සුව නොවී ඇති බව තහවුරු වීම හේතුවෙන් 2026 ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරඟය ලබන 12 වනදා ඕමානය සමඟ පැවැත්වෙනවා.

එම තරඟය පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *