Loading...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුත් පන්දු රැකීමේ පුහුණුකරුවෙක්

ඉන්දීය ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ආර්. ශ්‍රීධර් ශ්‍රී ලංකාවේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පෙබරවාරි සිට මාර්තු 9 වනදා දක්වා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඔහු පත්කර ඇති බවයි.

ආර්. ශ්‍රීධර් 2014 සිට 2021 දක්වා ජාත්‍යන්තර තරඟ 300කට අධික සංඛ්‍යාවක් ආවරණය කරමින් ඉන්දියාවේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සේවය කර තිබෙනවා.

ඔහුගේ පත්වීම දෙසැම්බර් 11 වනදා සිට ලෝක කුසලානය අවසන් වන තෙක් බලපැවැත්වෙනු ඇති.

ඒ අනුව ශ්‍රීධර් එංගලන්තයට සහ පාකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගී වන විස්සයි විස්ස තරඟාවලියේ දී කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය භාරව කටයුතු කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *