Loading...

,

මුළු පාර්ලිමේන්තුව දින 3කදී විශේෂ පරික්ෂාවකට

නොවැම්බර් මස දින 3ක් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරික්ෂාවකට ලක් කරන බව කථානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

මේ අනුව නොවැම්බර් 4, 6, 7 යන තෙදින තුළ මෙම පරික්ෂාව සිදු කිරීමට නියමිතයි.

මෙහිදී මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම ආරක්ෂක පරික්ෂාවට ලක් කරන බව කථානායකවරයා දැනුම් දුන්නා.

මේ අතර නොවැම්බර් මස 7 වන සිකුරාදා දින පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අධි ආරක්‍ෂිත කලාප ද ආරක්ෂක පරික්ෂාවට ලක්කරනු ඇති.

එදින මහජන ගැලරිය ආරාධිතයින් සඳහා පමණක් සීමා කරන බවද කථානායකවරයා මෙහිදී පැවසුවා.

අමුත්තන් සඳහා වන ආරාධනා පත්‍ර මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන අතර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක සිකුරාදා දින පාර්ලිමේන්තු පැමිණීමේ දී රියදුරෙකු සමඟ පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.

එදින පාර්ලිමේන්තු රථ ගාල වසා දැමෙන අතර මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන රථගාල් වෙත යොමු කරනු ලබන බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

කථානායකවරයා වැඩිදුරටත් පැවසුවේ එදිනට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *