Loading...

මේ වසරේ LPL නෑ – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලිය මෙම වසරේ දී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (22) නිවේදනය කළා.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 2026 පෙබරවාරි – මාර්තු මසදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය යටතේ කණ්ඩායම් 20ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානයට සුදානම් වීම සඳහා මෙම තීරණය ගත් බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මර්ගොපදේශයන්ට අනුව ලෝක කුසලානයට සත්කාරකත්වය දරන සියලු ක්‍රීඩාංගණ නිසි කාල සීමාව වන විට යෝග්‍ය තත්ත්වයෙන් තිබිය යුතු බව සඳහන්.

මේ අනුව ලෝක කුසලානයට පෙර ක්‍රීඩාංගණයන්හි සුදානම සහතික කිරීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් LPL තරඟාවලිය පිළිබඳව මෙම තීරණය ගෙන තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *