හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස තමන් දැරූ තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ අතිශයින්ම පෞද්ගලික හේතූන් මත තමන් මෙම තීරණය ගත් බවයි.
සිය අස්වීමේ ලිපියේදී ඔහු ” මගේ පිළිගැනීමේ ලිපියේ පැහැදිලිව සඳහන් කළ පරිදි, මෙම භූමිකාවේ මගේ අඛණ්ඩ පැවැත්ම සැමවිටම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ ප්‍රගතිය මත රඳා පවතින බව ඔබ තේරුම් ගනු ඇතැයි මම විශ්වාස කරමි.
එවැනි තනතුරක් දැරීමෙන් ක්‍රීඩාවේ යහපත සඳහා සෑම විටම ක්‍රියා කිරීමට සහ කවුන්සිලයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අර්ථවත් ලෙස දායක වීමට මට අවශ්‍ය බව මම තරයේ විශ්වාස කරමි.” ලෙසත් සඳහන් කර ඇති බව වාර්තා වනවා.
තමන් ලබාගත් මෙම තීරණය ක්‍රීඩාවේ උන්නතිය සඳහා කැපවීමක් නොමැතිකමක් වශයෙන් වරදවා වටහානොගන්නා ලෙස ඔහු ඉල්ලා තිබෙන අතර ක්‍රීඩාවේ උන්නතිය සඳහා වෙනත් ආකාර වලින් සහාය වීමට තමන් සූදානම් බවටද ඔහු සඳහන් කර තිබෙනවා.








Leave a Reply