Loading...

චීනයේ යන කරාතේ ක්‍රීඩක වීසා ප්‍රමාදය ගැන විමර්ශනයක්

චීනයේ පැවැත්වෙන 2025 යොවුන් කරාතේ තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිතව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නියමිත කාලයට වීසා බලපත්‍රය සහ ගුවන් ටිකට්පත් ලබා නොදීම පිළිබඳව පූර්ණ විමර්ශනයක් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යාංශය පවසන්නේ එම ප්‍රමාදයන් නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී මුහුණ දීමට අපහසුතාවය පිළිබඳව කණගාටුව පළ කරන බවයි.

ක්‍රීඩා තරඟාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩාවන් පිටත් කර හැරීමේ සම්පුර්ණ වගකීම අදාළ සංගමය සතු වන බවත් නියමිත කාලය තුළදී වීසා බලපත්‍රය සහ ගුවන් ටිකට් පත් ලබා ගැනීම සම්මේලනයේ එම බලධාරීන්ගේ වගකීමක් බවත් ක්‍රීඩා අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙලෙස නොසැලිකිලිමත් ලෙස ක්‍රීඩකයන් අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කිරීම පිළිබඳ අදාළ පර්ශවයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *