Loading...

ලංකාවේ ධනවත්ම පුද්ගලයාගේ ඔටුන්න ඉෂාර නානායක්කාර දිනා ගනී

මෙරට ධනවත්ම පුද්ගලයා බවට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් කිහිපයක සභාපතිවරයෙකු වන ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතා පත්ව තිබෙනවා.

ඒ ඩොලර් බිලියන 1.6ක වත්කමකට හිමිකම් කියමින්.

ගල්ෆ් නිව්ස් වෙබ් අඩවියේ වර්තාවක පෙන්වා දෙන්නේ ඉෂාර නානායක්කාර මහතා ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බවයි.

ගෝලීය ක්ෂුද්‍ර මුල්‍ය සහ රක්ෂණ අංශවල ශ්‍රී ලංකාවේ පැවැත්ම පුළුල් කිරීමේදී ඉෂාර නානායක්කාර මහතා ප්‍රධාන කාර්ය භාර්යක් ඉටු කර ඇති බවද එම වෙබ් අඩවිය සඳහන් කරනවා.

ගල්ෆ් නිව්ස් වාර්තාවට අනුව තවදුරටත් ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මුකේෂ් අම්බානි පෙරමුණේ රැඳී සිටිනවා.

ඒ ඩොලර් බිලියන 118ක ඇස්තමේන්තු ගත වත්කමකට හිමිකම් කියමින්.

ඔහුගේ වත්කම දකුණු ආසියාවේ සෙසු රටවල ධනවත්ම පුද්ගලයින් සමඟ සංසන්දනය කරමින් ද ගල්ෆ් නිව්ස් වාර්තා කර තිබෙනවා.

මේ අනුව ඩොලර් බිලියන 13.5 ක වත්කමකට හිමිකම් කියන පාකිස්ථාන ජාතික ෂාහිඩ් ඛාන්, ඩොලර් බිලියන 12 ක වත්කම් සහිත බංග්ලාදේශයේ මොසා බින් ෂම්ෂර්, ඩොලර් බිලියන 1.6 ක වත්කමකට හිමිකම් කියන නේපාලයේ බිනෝද් චෞද්රි සහ ශ්‍රී ලංකාවේ ඉෂාර නානායක්කාර දකුණු ආසියාවේ ධනවතුන් අතර පෙරමුණේ රැඳී සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *