Loading...

දේශබන්දු ඉරණම තීන්දු කරන පාර්ලිමේන්තු විවාදය අද

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව අද (05) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත බවත් පෙරවරු 11.30 සිට පස්වරු 4 දක්වා අදාළ විවාදය පැවැත්වීමට නියමිත බවත්ය.

යෝජනාව සම්බන්ධව වන ඡන්ද විමසීම පස්වරු 4ට පැවැත්වීමට නියමිතයි.

එම ඡන්ද විමසීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස ද දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්ද ප්‍රකාශ කිරීම මඟින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව හිමි වනවා.

යෝජනාව සම්මත වීමෙන් අනතුරුව කථානායකවරයා සිදුකරන දැනුම් දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *