Loading...

පැතුම්ගේ ඉනිමෙන් ශ්‍රී ලංකාවට ස්ථාවර ආරම්භයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වන දිනට අද (19) තරඟය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 368ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියා.

මේ අනුව බංග්ලාදේශය පළමු ඉනිමට රැස්කළ ලකුණු 495කට වඩා ශ්‍රී ලංකාව පසුපසින් සිටින්නේ තවත් ලකුණු 127ක් පමණි.

තුන්වන දිනට අද (19) තරඟය නතර කරන විට කඩුල්ලේ රැඳී සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 37ක් හා නායක ධනංජය ද සිල්වා ලකුණු 17ක් රැස් කර ගෙන සිටියා.

ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ දී අද (19) දිනයේ සියලු ගෞරව පැතුම් නිස්සංක හිමි කරගනු ලැබුවා.

කෙසේ වෙතත් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ඉනිම ක්‍රීඩා කළ පැතුම් ද්විත්ව ශතකයට ලකුණු 13ක් පසුපසින් සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියා.

පැතුම් පිටියෙන් ඉවත්ව යන විට පන්දු 256කට මුහුණ දී ලකුණු 187ක් රැස්කරගෙන සිටියා.

එම ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 23ක් ඇතුළත් වුණා.

පැතුම්ට අමතරව දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් රැස්කළ අතර සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39කට දැවි ගියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *