ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් ඊයේ (12) නිල වශයෙන් තහවුරු කළා.
ඒ සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත සටහනක් තබමින්.
36 වියේ පසුවන විරාත් කෝලි වසර 14ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ රැඳී සිටියා.
එහිදී ඔහු තරඟ 123කදී ලකුණු 9230ක් රැස් කිරීමට සමත් වු අතර ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 46.85ක් ලෙස සටහන්ව තිබුණා.
කෙසේ වෙතත් කෝලි පසුගිය කාලයේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියේ සැලකිය යුතු දක්ෂතාවක් පෙන්නුම් කිරීමට සමත් වුයේ නැහැ.
ලබන ජුනි 20 වනදා එංගලන්තයේ දී තරඟ 5කින් යුත් ටෙස්ට් තරඟාවලියක් ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමක කෝලි සිය සමු ගැනීම නිවේදනය කිරීමද විශේෂත්වයක් වනවා.
මසක පමණක් කාලයක් සිට විරාත් කෝලි සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලධාරීන් අතර ඔහුගේ විශ්‍රාම ගැනීම සම්බන්ධ සාකච්ඡා සිදු කර තිබූ බවද ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය එක් අවස්ථාවක තොරතුරු වාර්තා කර තිබුණා.
කෝලි ටෙස්ට් තරඟ 68 කදී ඉන්දීය කණ්ඩායමට නායකත්වය ද ලබාදුන් අතර ඉන් තරඟ 40ක් ඉන්දියාව ජයගනු ලැබුවා.
ඉන් තරඟ 17ක් පමණක් ඔහුගේ නායකත්වය තුළදී පරාජයට පත්ව තිබෙනවා.
ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයට අනුව එරටින් බිහි කළ සාර්ථකම ටෙස්ට් නායකයා ලෙස විරාත් කෝලි සැලකෙනවා.
මේ අතර ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ වත්මන් නායක රෝහිත් ෂර්මා ද ටෙස්ට් පිටියට සමු දීමට ද තීරණය කළා.
මෙවැනි පසුබිමක කෝලි ද ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබීම කැපී පෙනෙනවා.
ඔවුන් දෙදෙනා මීට පෙර විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ද සමු දුන් අතර, ඒ අනුව රෝහිත් හා කෝලි ඉදිරියේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පමණක් රැදී සිටිනු ඇති.








Leave a Reply