Loading...

, ,

BREAKING – ඩෑන් ප්‍රියසාද් මියගිහින් නැහැ – පොලීසිය

වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත් වූ බවට පොලිසිය විසින් මීට පෙර ප්‍රකාශ කළ ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව නොමැති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ මේ වනවිට වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද් දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි.

මීතොටමුල්ල ප්‍රදේශයේ දී අද (22) රාත්‍රීයේ දී සිදුවූ වෙඩි තැබීමකින් රෝහල්ගත කළ ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මින් පෙර පොලිසිය විසින් සඳහන් කරනු ලැබුවේ.

—————————————————————————–

BREAKING – ඩෑන් ප්‍රියසාද් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට 10.22PM 2025.04.22

අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (22) රාත්‍රී 9.10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් රෝහල් ගත කරන අතරතුරේ දී මෙලෙස මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

පොලීසිය සිදුකළ මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය සිදුකරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *