Loading...

80%ක් තැපැල් ඡන්ද භාවිතා කරලා

ගෙවී ගිය දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව වාර්තා වනවා.

නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත. කේ. රණසිංහ මහතා ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද 80%කට වැඩි පිරිසක් භාවිත කර ඇති බවයි.

“මේ වනවිට වාර්තා වන අන්දමට 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ඡන්ද භාවිත වෙලා තියෙනවා වගේම ලියාපදිංචි රක්ෂිත පැකට්ටු ඒ ඒ ප්‍රදේශවල තැපැල් කාර්යාලවලට භාරදීලා තියෙනවා.

අපි ඒක සංසන්දනාත්මකව බලන්නේ තැපැල් කාර්යාලවලට ලැබෙන ඒ තැපැල් පැකට්ටු සංඛ්‍යාවත් සමග. ඒ නිසා පළමු දිනයේ විශාල සංඛ්‍යාවක් භාවිත වෙලා අද දිනයේත් විශාල සංඛ්‍යාවක් භාවිත වෙලා කියලා නිරීක්ෂණය වෙනවා.”

මෙවර ජනාධිපතිවරණයට අදාළව ඡන්ද දායකයින් 712319 දෙනෙක් මෙවර තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණා.

මේ අතර තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින අතිරේක දින දෙකක් ලෙස හිමි වනවා.

ඔවුන්ට එම දිනවලදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කළ හැකි වනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *