Loading...

අපේ නැකැත්වලට 80%ක් අවුරුදු කෑවා – ජාතික ජෝතිර්වේදීන්ගේ සංගමය

මේ වසරේ අලුත් අවුරුද්දේ රටේ ජනතාවගෙන් 80%ක් කටයුතු කළේ තම නැකත් වේලාවන් අනුව බව ජාතික ජෝතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුව පවසනවා.

එහි ජාතික සංවිධායක රවිසංක සේනානායක මහතා කියා සිටියේ රාත්‍රී නැකැත් වෙනුවට හඳුන්වා දුන් විකල්ප නැකැත් සීට්ටුව අනුව බහුතර ජනතාවත් අවුරුදු චාරිත්‍ර සිදුකර ඇති බවයි.

කෙසේ නමුත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ නැකැත් සීට්ටුවේ රටේ වැඩි ජනතාවක් අනුගමනය කර ඇති බවයි අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විධානපතිරන මහතා සඳහන් කළේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *