Loading...

රනිල්ට සහය දක්වමින් මන්ත්‍රීවරුන් 75ක් වජිරගේ ගෙදරට ගිහින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු සහ මන්ත්‍රීවරුන් 75ක් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ කොළඹ නිවසට ඊයේ (29) ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකර තිබෙනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, කංචන විජේසේකර, රමේෂ් පතිරණ, කනක හේරත්, ජානක වක්කුඹුර, මොහාන් ප්‍රිදර්ශන ඇතුළු ඇමතිවරු සහ මන්ත්‍රීවරු පිරිසක් ඒ අතර සිට ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙම හමුවේදී අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ජය තහවුරු කිරීම සඳහා තමන් කැපවී ක්‍රියා කරන බවයි.

තවද පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් 105ක් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දැනට එක්ව ඇති බවද ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා සඳහන් කර ඇත්තේ පොදුජන පෙරමුණේ වෙනම ජනාධිපති අපේක්ෂකවරයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණය සමඟ සමඟි ජන බලවේගයේ ජනාධිපතිවරයාට සහයෝගය පළ කිරීමට සුදානමින් සිටින මන්ත්‍රීවරුන්ගේ ගමන ද තවත් වේගවත් වන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *