Loading...

අපි කොච්චර පොසිටිව් විදියට හිටියත් එළියෙන් නෙගටිව් පරිසරයක් – දසුන් ශානක

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ලැබෙන සෘණාත්මක ප්‍රතිචාර ක්‍රීඩකයන්ගේ මානසික මට්ටමට දැඩි බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (25) නවසීලන්තයත් සමඟ පැවති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුව අමතමින්.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (25) පැවැති තීරණාත්මක තරඟයේ නවසීලන්තය ලබාදුන් 169ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 107ක් පමණි.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය හමුවේ ලකුණු 61ක් පරාජයක් ශ්‍රී ලංකාවට හිමි වුණා.

මෙහිදී අදහස් දැක්වූ දසුන් ශානක,

මාධ්‍යවේදියා – දසුන් ඔයගොල්ලෝ සෙල්ලං කරපු පිච් එක ගැන මොකද හිතන්නේ ?

දසුන් ශානක – මැච් එකට කලින් හිතුවේ ගොඩක් හොඳවෙයි කියලා. අපි හිතුවේ නැහැ මෙච්චර දඟකැවීමක් තියෙයි කියලා.

මාධ්‍යවේදියා – මැච් එකක් තියෙද්දි ලෝක කුසලානයෙන් ලංකාව එළියට විසික් වුණා. ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ.

දසුන් ශානක – මැච් එකක් තියෙනවා. හොඳින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ඉන්න හොඳම බැට්ස්මන්ලා ටික තමයි මෙතන ඉන්නේ.

මාධ්‍යවේදියා – ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික සහ මානසික යෝග්‍යතාව ජාත්‍යන්තර මට්ටමේ තියෙනවාද ?

දසුන් ශානක – මම හිතන්නේ නැහැ උපරිමයෙන් තියෙනවා කියලා. ගොඩක් වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන්නේ නෙගටිව් දේවල්. ක්‍රීඩකයෝ විදියට අපි පොසිටිව් හිටියත් එළියෙන් ක්‍රියේට් කරලා තියෙනවා නෙගටිව් පරිසරයක්. ඒක හරි පාඩුවක් ලංකාවේ ක්‍රිකට්වලට. මං හිතන්නේ නැහැ මේකත් රැකගන්න පුළුවන් කියලා. මැච් එක ඉවර වෙලා කීදෙනෙක් මයික් අල්ලන් ඉන්නවාද ? ඇයි නෙගටිවිටි එක මෙච්චර පතුරවන්නේ. ඒ දේවල් ගවර්මන්ට් එකෙන් හරි නැවැත්තුවොත් මානසික සුවයට ඒක පහසුවක් වෙයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *