රාජ්‍ය ආයතන 7ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ක්‍රියා මාර්ග ගනිමින් සිටින බව රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත්කළ ඒකකයේ නිලධාරීහු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දී තිබෙනවා
ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, හෝටල් සංවර්ධන සංස්ථාව, කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගම, ලිට්‍රෝ ගෑස් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් සමාගම සහ ලංකා හොස්පිට්ල් යන සමාගම් මෙලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව ඇති බව සඳහන්.
ඒ අනුව මෙම ආයතනවල අයිතිය රජයෙන් ස්වාධින කර ලංසු කැඳවා පෞද්ගලික අංශයේ දේශීය හා විදේශීය ආයෝජනයන්ට ලබා දීමට නියමිතයි.
මේ අතර රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි බලපෑම සම්බන්ධව සාමාජික මන්ත්‍රීවරුන් එම ඒකකයේ නිලධාරීන්ගෙන් මෙම හමුවේදී ප්‍රශ්ණ කර තිබෙනවා.
Leave a Reply