Loading...

ගුවන් යානා අනතුරකින් 61 දෙනෙක් මරුට

බ්‍රසීලයේ සාඕ පවුලෝ නගරයට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන්, යානයේ ගමන් කරමින් සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තියෙනවා.

ඊයේ පස්වරැ කාලයේ සාඕ පවුලෝ අගනුවර සිට ග්වාරලියෝස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යානය ගමන් කරමින් තිබියදී, සාඕ පවුලෝ නුවරට කිලෝමීටර් 80ක් වයඹ දෙසින් පිහිටි වින්හෙඩෝ නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුවුනා. අනතුරින් මියගිය සියළුම දෙනා බ්‍රසීල ජාතිකයින්.

ජනාකීර්ණ ප්‍රදේශයකට මෙම යානය කඩා වැටී තිබුනද අවට සිටි කිසිවෙකුට අනතුරින් හානියක් සිදුවී නැහැ.

2007 වසරේ ජූලි 17 වැනිදා ATR 72-500 වර්ගයේ ගුවන් යානයක් සාවෝ පාවුලෝ ගුවන් තොටුපළේදී ගිනිගෙන පිපිරීමෙන් 199 දෙනෙකු මිය ගියා.‍ ඉන් අනතුරැව බ්‍රසීලයේ සිදුවූ දරුණුතම ගුවන් අනතුර මෙය වග විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රසීලයේ ජනාධිපති ලූලා ඩි සිල්වා විපතට පත්වූවන්ගේ පවුල් සහ මිතුරන් වෙත තම ශෝකය සහ සහයෝගය පළකොට තියෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *