Loading...

ක්‍රොඒෂියාවේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 6ක් ජීවිතක්ෂයට

ක්‍රොඒෂියාවේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නැගෙනහිර දරුවාර් නගරයේ පිහිටි වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයකට පැමිණි තුවක්කුකරුවෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

තවද අදාළ වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇති සඳහන් වනවා.

ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද මාධ්‍ය වාර්තා පළකරනවා.

වෙඩි තැබීම සිදුකළ සැකකරු පළාගොස් ආපන ශාලාවක රැඳී සිටියදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදු කළේ ද යන්න මේ දක්වා අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *