Loading...

ජර්මනියේ පිහි ඇනුමකින් පුද්ගලයින් 6කට තුවාල

නිරිත දිග ජර්මනියේ මැන්හයිම් නගරයේ වෙළෙඳපොල පරිශ්‍රයක දී පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරියෙකු ඇතුළු හය දෙනෙක්ට පිහි පහර දී තුවාල සිදුකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ තුවාල ලැබුවන්ගෙන් එක් අයෙක් ඉස්ලාම් විරෝධී ක්‍රියාකාරීකයෙකු වන මයිකල් ස්ටර්සන්බර්ග් වන බවයි.

ඔහු එම පරිශ්‍රයේ රැළියක් පැවැත්වීමට සුදානම් සිට ඇති බවද වාර්තා වනවා.

මෙම පහරදීම යුටියුබ් නාලිකාවක සජීවීව විකාශය වී ඇති අතර ප්‍රහාරකයා පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඇති බව සඳහන්.

සිද්ධිය සිදුවූ අවස්ථාවේදී උදව්වට පැමිණි පොලිස් නිලධාරියෙකුට ද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එහිදී ප්‍රහාරකයාට තවත් පොලිස් නිලධාරියෙක් විසින් වෙඩි තබා ඇති බවද වාර්තා වනවා.

ඇෆ්ඝනිස්ථානයේ උපත ලබා ජර්මනියේ ජීවත් වන 25 හැවිරිදි තරුණයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි මේ වන විට තොරතුරු සඳහන් වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *