ඇද හැලෙන ධාරානිපාතා වූ වර්ෂාවත් සමඟ ආපදා තත්ත්වයක් ඇති වුවොත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා හයක් සූදානම් කර ඇති බව ගුවන්හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පවසනවා.
ඔහුගේ කියා සිටියේ මේ අනුව රත්මලානෙ හිඟුරක්ගොඩ පලාලි වීරවිලි අම්පාර අනුරාධපුරා ගුවන් හමුදා කඳවුරුවල යානායක මෙලෙස සූදානම් කර ඇති බවයි.
තවද ආපදාවට ලක්වූවන් මුදා ගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලද ගුවන් හමුදා රෙජිමේන්තුවේ විශේෂ බලකා බට පිරිස් සූදානම් කර ඇති බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
එමෙන්ම ගුවන් හමුදා නිරීක්ෂණය යානා මගින් ආපදා තත්වය සම්බන්ධව නිරන්තර නිරීක්‍ෂණයේ යොදවා ඇති බවද සදහන්.
Leave a Reply