අයිතිකරුවන්ට තම අයිතිය නිත්‍යානුකූලව පෙන්විය නොහැකි වීම හේතුවෙන් රුපියල් කෝටි 6ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් රථයක් ප්‍රාඩෝ රථයක් සහ අශ්ව බල 1000 යතුරුපැදියක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසන්නේ මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බවයි.
ඒ අනුව අස්ගිරිය ප්‍රදේශයේ තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ අකුරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සන්තකයේ තිබූ ප්‍රාඩෝ රථයක් සහ අධිබල යතුරුපැදියක් මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ව්‍යාජ අංක තහඩු සවිකොට තිබූ බව පැවසෙන මෙම නවීන ජීප් රථ සහ යතුරු පැදිය නීති විරෝධීව මෙරටට ආනයනය කරන මෝටර් රථයක් ද, එකලස් කරන ලද මෝටර් රථද එසේ නොමැති නම් සොරකම් කරන ලද මෝටර් රථයක් ද යන්න පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
Leave a Reply