Loading...

වික්ටෝරියා ජලාශයෙන් දවසකට ජලය ලීටර් මිලියන 6.5 ක් වාෂ්ප වෙනවලු

වික්ටෝරියා ජලාශයෙන් පමණක් දෛනිකව ජලය ලීටර් මිලියන 6.5ක් වාෂ්ප වෙමින් පවතින බව වාර්තා වනවා.

ජලාශයේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පවසන්නේ දරුණු වියලි කාලගුණ තත්ත්වය නිසා සිදුවන බවයි.

මේ වන විට ධාරිතාවයෙන් 80%ක ප්‍රමාණයක් පිරී ඇති ජලාශයේ අධික හිරු රශ්මිය හේතුවෙන් මතුපිට පෘෂ්ඨයේ මිලි ලීටර් 4.5ක ඝනත්වයෙන් යුත් කොටසක් දිනපතා වාෂ්ප වන බවත් ජලාශය වර්ග කිලෝ මීටර් 24ක භූමී ප්‍රමාණයක පැතිරී තිබෙන බවත් ඔහු කියා සිටිනවා.

ජලාශයේ උපරිම ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 438.4ක් සහ මීටර් 432.59ක උසකට ජලය පිරී තිබෙනවා.

එම ඉංජිනේරුවරයා වැඩිදුරටත් කියා සිටියේ ජල විදුලිය නිෂ්පාදනය සඳහා ඝන මීටර් මිලියන 4.143 ක ජල ප්‍රමාණයක් පසුගිය 17 දින මුදාහැර ගිගාවොට් පැය 1.691 ක විදුලි උත්පාදනයක් සිදුකළ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *