Loading...

රුසියානු හමුදාව සමඟ එක්වූ ලාංකිකයන් 59 දෙනෙක් මරුට

රුසියානු හමුදාව සමඟ එක්වී සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් 2025 ජනවාරි 20 වනදා වන විට 59 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා මේ බව සඳහන් කළා.

රුසියානු හමුදාව සමඟ ශ්‍රී ලාංකිකයන් 554 දෙනෙක් එක්ව වී සිටින බවත් ඔවුන් කිසිවෙකු බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවත් මෙහිදී අනාවරණය වුණා.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ එම පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුමක් සලසා දෙන්නැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *