Loading...

ලක්ෂ 57ක් ලංකාවේ දුප්පතුන් වෙලා – අලුත්ම වාර්තාවකින් හෙළි වෙයි

ශ්‍රී ලංකාවේ 57 හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකු විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඉහළ ගිය උද්ධමනය, ජනතාවගේ ආදායම් වැඩි නොවීම, රැකියා අහිමිවීම සහ ආදායම් කඩා වැටීම යනාදී හේතු මත ඔවුන් පිරිස දරිද්‍රතාවයට පත්ව ඇති බවයි.

ලෝක බැංකුව පහළ මධ්‍යම ආදායම්ලාභී දරිද්‍රතා රේඛාව වන දිනක වියදම ඩොලර් 3.65ක සීමාව සැලකිල්ලට ගෙන කළ අධ්‍යයනයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ අතර 2024 වසරේ දරිද්‍රතාව පෙළෙන ගණන ලක්ෂ දෙකකින් ද ලබන වසරේ දී එම ගණන ලක්ෂ තුනක සුළු අගයකින් අඩුවිය හැකි බවද එම බැංකුව පුරෝකථනය කර ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *