ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සහ අපනයනය පහළ වැටීම හේතුවෙන් පසුගිය වසර 10යේ දී රුපියල් කෝටි 51150ක පාඩුවක් සිදු වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.
ඒ මහතා පෙන්වා දෙන්නේ තේ වෙළෙඳපොළේ කරුණු අධ්‍යයනයේ දී මෙම කරුණු අනාවරණය වූ බවයි.
මෙරට ඉතිහාසයේ වැඩිම තේ නිෂ්පාදනය 2013 වර්ෂයේ දී වාර්තා වී ඇති අතර එය මෙට්‍රික් ටොන් 34000ක් බවද ඔහු සඳහන් කරනවා.
මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා, “තේ නිෂ්පාදනය 2015 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 328800 කින්ද 2020 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 278489කින්ද 2023 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 256039 කින්ද පහළ ගියා. ඊට සමගාමීව තේ අපනයනයද පහළ ගියා.
අපේ අපනයනය 2013 වර්ෂයේදී මේට්‍රික් ටොන් 319700 කින්ද 2015 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 306900කින්ද 2020 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 265569කින්ද 2023 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 241912 කින්ද පහළ ගියා.
තේ නිෂ්පාදනය සහ අපනයනය පහළ යෑම නිසා සිදුවූ පාඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදලින් සියයට 75 කට සමාන වෙනවා.
තේ අපනයනය සියයට 24කින් පහළ ගිහිල්ලා තියෙනවා.”
Leave a Reply