Loading...

අන්තර්ජාලයෙන් කෝටි 5000ක් ඇද්ද චීන්නු 37ක් රක්ෂිත බන්ධනාගාරයට

අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කළ චීන ජාතිකයින් ඇතුළු විදෙස් සැකකරුවන් 37 දෙනෙක් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඊයේ (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුගිය 04 වනදා රක්ෂිත බන්ධනාගාර ගතකළ අනුරාධපුරයේ ගවේශ බණ්ඩාර නැමැති 22 හැවිරිදි තරුණයෙක් සහ කොළඹ තරුණියක් මෙන්ම චීනය, පාකිස්ථානය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්ඳුනීසියාව, ඇල්ජීරියාව හා නේපාලය රටවල තරුණයින් 31ක් හා තරුණියන් 05 ක් මෙහිදී අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරුවන් අන්තර්ජාල ජාවාරම සඳහා යොදාගත් මීගමුවේ ඒත්තුකාල මහල් තුනක කාමර 30කින් යුත් හෝටලය ද තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *