Loading...

අනුරපුර රෝහලේ වෛද්‍යවරියට ලිංගික වදහිංසා සිදුක​ළ සැකකරු අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් 5ක්

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියකට විරෝධය දක්වමින් එම රෝහලේ වෛද්‍යවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

විරෝධයේ නිරත වන වෛද්‍යවරුන් සඳහන් කරන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.

32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව සවස 6.30ත් 7ත් අතර කිසියම් නාඳුනන පුද්ගලයෙකු පැමිණි පිහියක් පෙන්වා ඇය බිය ගැන්ව දුෂණය කර ඇති බව වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලීසිය සිදු කරනු ලබනවා.

මේ අතර ඊයේ (10) රාත්‍රියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිල නිවාසය තුළ වෛද්‍යවරියකට අතවර කළ බවට පැවසෙන සැකකරු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ සැකකරු හමුදාවෙන් පලා ගිය අයෙක් බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බවත්ය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *