පුවක්පිටිය, එළිස්ටන්වත්ත, කැකිල්ල ප්‍රදේශයේදී ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙක් මියගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අද (02) අළුයම 2ත් 3ත් අතර කාලය තුළ එම නිවස ආසන්නයේ ඇති ඇළ මාර්ගයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමෙන් නිවස ජලයෙන් යටවීමෙන් ඔවුන් මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක මව, අවුදුරු 07ක දියණිය සහ වයස අවුරුදු 78ක සීයා ය.
මේ අතර දෙයියන්දර පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
අනතුරින් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 20 හා 27 යන වයස්වල පසුවන දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
Leave a Reply