2022 සිට 2023 දක්වා ගතවූ වසරක කාලය තුළ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත්වලින් 22497ක් හෙවත් 4%ක් දෝෂ සහගත බව වාර්තා වනවා.
රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් කරන ලද නවතම වාර්තාවක සඳහන් වන්නේ මෙම දෝෂ සහිත හැඳුනුම්පත් PVC වර්ගයට හා හලකාබනේට් වර්ගයට අයත් බවයි.
මේ හේතුවෙන් විශාල මුදලක් අපතේ ගොස් ඇති බව වාර්තා වනවා.
කෙසේ නමුත් ඊට අදාළ කිසිඳු විගණනයක් ඉදිරිපත් කර නොමැති බවට රාජ්‍ය ගිණුම්කාරක සභාවේ නවතම වර්තාවක සඳහන් වනවා.
මෙලෙස දෝෂ සහිත හැඳුනුම්පත් නිකුත් කිරීමෙන් මුදල් ගෙවා ඒවා ලබාගත් පුරවැසියන් බලවත් පීඩාවකට ලක්ව තිබෙනවා.
Leave a Reply