Loading...

අස්වැසුම දෙවන අදියරය වෙනුවෙන් අයදුම්පත් ලක්ෂ 4ක් ලැබිලා

අස්වැසුම දෙවන අදියරට අදාළව අයදුම්පත් 450404ක් මේ වන විට ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඉන් 84%ක්ම මේ වන විට අදාළ දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවයි.

තවද අලුතින් බඳවාගත් ග්‍රාම නිලධාරීන් 2000කට ආසන්න පිරිස අස්වැසුම ලබාදීමේ කටයුතු වෙනුවෙන් දායක කරගන්නා බවයි ඔහු කියා සිටියේ.

අස්වැසුම සංගණන කටයුතු සඳහා දායක වන වෙනත් පාර්ශවයන් සඳහා දීමනා ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව හැකි ඉක්මණින් අමාත්‍ය මණ්ඩලයට යොමුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *