රජයේ රෝහල්වල සේවය කරමින් සිටි විශේෂඥ වෛද්‍යවරුන් 350ක් මෑත කාලයේ රට හැර ගොස් ඇති බව වාර්තා වනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් සිදුකළ නවතම අධ්‍යයනයකදී මේ බව අනාවරණය වී තිබෙනවා.
එම අධ්‍යයනයට අනුව එංගලන්තය, ඕස්ට්‍රේලියාව යනාදී රටවලට වෛද්‍යවරුන් බොහෝ පිරිසක් පිටව ගොස් ඇති බව සඳහන්.
අමාත්‍යාංශයේ ප්‍රකාශයකයෙක් කියා සිටියේ ආර්ථික ගැටළු හේතුවෙන් ඔවුන් මෙලෙස විදේශ ගතවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බවයි.
වෛද්‍යවරුන් බොහෝ පිරිසක් මේ වන විටත් රට හැර යමින් පවතින බවද ඔහු සඳහන් කරනවා.
ඇතැම් පිරිසක් විදේශ පුහුණුවීම් සඳහා ගොස් ඇති බවත් පුහුණුවීම් සඳහා ගිය වෛද්‍යවරුන් මේ වන විට පැමිණෙමින් සිටින බවත් ලේකම්වරයා පවසනවා.
තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප
Leave a Reply