ජන අරගල ව්‍යාපාරයේ විරෝධයට එක්වූ 33ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ළහිරු වීරසේකර සහ දුමින්ද නාගමුවද ඒ අතර සිටින බවයි.
ජන අරගල ව්‍යාපාරය කොළඹ කොටුවේදී සංවිධානය කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය ඊයේ (20) පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
කොටුව දුම්රිය ස්ථානය අසලින් ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර තිබුණා.
ඒ භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින්.
Leave a Reply