Loading...

බෙලිඅත්තේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 30කට තුවාල

බෙලිඅත්ත, හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේ දී පෞද්ගලොක බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමකින් අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවැසුවේ අනතුරින් පුද්ගලයින් 30 දෙනෙක් පමණ තුවාල ලබා තංගල්ල රෝහලට සහ බෙලිඅත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි.

මෙම අනතුර අද (25) උදෑසන සිදුව ඇති බව වාර්තා වනවා.

අනතුර සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *