පුද්ගල පැහැර ගැනීමක් පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත කොළඹ මහ අධිකරණය වසර 3ක බරපතළ සිරදඬුවම් නියම කර තිබෙනවා.
ඒ ඇයව අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා 18කට අදාළව කොළඹ මහාධිකරණය විසින් වරදකරු කිරීමෙන් අනතුරුවයි.
2016 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේ දී වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව පිළිබඳව වරදකරු කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සිද්ධියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ඉදිරිපත් කර තිබුණා.
කෙසේ වෙතත් මෙම නඩුව සම්බන්ධව චෝදනා ලබා සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් 8 දෙනෙකු මීට පෙර මේ සිදුවීම පිළිබඳව අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.
Leave a Reply